Pages

Thursday, May 22, 2014

ඔබගෙ සිරුරෙ විවිද තැන්හි හටගත් උපන් ලප තුලින් ඔබ ගැන දැනගන්න









මෙය උපුටා ගනු ලැබුවේ:-seramadewal.blogspot.com

බඳින්න කලින් කාන්තාවක් පරිස්සම් කරගත යුතුමයැයි සැලකෙන කන්‍යාපටලය

මෙම ළිපිය දිවයින සායනය අතිරේකයෙන් උපුටා ගන්නා ලද්දකි.




ප්‍රශ්නය - කාන්තාවකගේ පිවිතුරුබව නිගමනය කරන සාධකයක්‌ බවට කන්‍යා පටලය සමාජයේ මුල් බැසගත් ආකල්පයක්‌ බවට පත්ව තිබේ. මෙම තත්ත්වය නිසා අපට මතුවී ඇති ගැටලු මෙසේය.

කන්‍යා පටලය හඳුනා ගන්නේ කෙසේද?

එය හානියට ලක්‌විය හැකි අවස්‌ථා මොනවාද?

පළමු එක්‌වීමේදී කන්‍යා පටලය හානියට ලක්‌වේද?

කන්‍යා පටලය බිඳීයන විට අධික ලෙස රුධිරය පිටවෙනවාද? එය වේදනාකාරීද?

ක්‍රීඩා කටයුතුවල යෙදෙන විට කන්‍යා පටලයට හානි සිදුවෙනවාද?

අවිවාහක මැදිවියේ කාන්තාවන්ගේ කන්‍යා පටලය ඝනවීමකට ලක්‌ වෙනවාද?

පිළිතුරු - කන්‍යා පටලය (Hහපැබ) පිහිටා ඇත්තේ යෝනි මාර්ගයේ අඟල් 1/2 ක්‌ පමණ ඇතුළට වන්නටය. මෙම පටලය කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ විවිධ ආකාරයෙන් පිහිටා තිබිය හැකිය.

පළලින් කුඩා පටලයක්‌ ආකාරයට මලක පෙති හැඩයට, සිදුරු සහිතව හෝ සිදුරු රහිත සම්පූර්ණ පටලයක්‌ ලෙස නොයෙකුත් ආකාරයෙන් කන්‍යා පටලය යෝනි මාර්ගයේ පිහිටා තිබිය හැකිය.

කන්‍යා පටලයෙන් යෝනි මාර්ගයට විශේෂ කාර්යයක්‌ ඉටුනොවේ.

නමුත් කාන්තාවන්ගේ මාසික ඔසප් වීමකදී යෝනි මාර්ගයේ සිට පිටතට රුධිරය ගලායන්නේ කන්‍යා පටලයේ සිදුරු හරහාය.

යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වැසී යන ලෙස (ෂපචැරදෙර්එe එසහපැබ) කන්‍යා පටලය ඇතැම් කාන්තාවන්ගේ පැවතිය හැකිය. මෙය ඉතා කලාතුරකින් දැකිය හැකි අවස්‌ථාවකි.

මෙවැනි කාන්තාවන්ගේ මාස්‌ ශුද්ධියේදී යෝනි මාර්ගයෙන් පිටතට රුධිරය ගලා නොයයි.

එවැනි අවස්‌ථාවකදී ඇයගේ කන්‍යා පටලය සුළු සැත්කමකට ලක්‌කළ යුතුය.

මෙම තත්ත්වය හඳුනාගත හැක්‌කේ වැඩිවියට පත්වූ යුවතියන්ගේ ඔසප් වීමේදී යෝනි මාර්ගයෙන් පිටතට රුධිරය පිටවීමක්‌ සිදු නොවීමෙනි.

කන්‍යාපටලය බිඳීයැම

පළමු එක්‌වීමේදී කන්‍යා පටලය බිඳී ගියද රුධිරය පිටවීමක්‌ සිදු නොවිය හැකිය. එවැනි කාන්තාවෝ 20% ක්‌ පමණ සිටිති.

කාන්තාවන්ගේ කන්‍යා පටලය නැතිවීම හෝ ඝනවීමට වයස හෝ ක්‍රීඩා කටයුතුවල නිරත වීම බලපාන්නේ නැත. එය ඇයගේ උපතින් ඇතිවන දෙයකි.

අධික වේදනාව

පිවිතුරු බව තීරණය කරන සාධකයක්‌ ලෙස කන්‍යා පටලය සමාජයේ මුල් බැස පැවතීම නිසා බොහෝ කාන්තාවන් විවාහයෙන් පසු පළමු එක්‌වීම කෙරෙහි දක්‌වන්නේ අනියත බියකි.

මෙම බිය නිසා ඇතිවන දැඩි මානසික පීඩනය හේතුවෙන් ලිංගික එක්‌වීමකදී ඉහිල් විය යුතු යෝනි මාර්ගයේ මාංශ පේශි එසේ නොවී දැඩි ලෙස තද වීමකට ලක්‌වේ.

මෙම තත්ත්වය නිසා අඹුසැමි යුවලට නිසි ලෙස ලිංගිකව එක්‌වීමට නොහැකිවේ. යෝනි මාර්ගයේ මාංශ පේශි තදවීම නිසා යම් වේදනාවක්‌ මතුවේ. එය කන්‍යා පටලය බිඳීයැමේදී යෑයි ඇතැම් දෙනා වැරැදි මත පතුරුවාහරිති.

පිවිතුරුබව

ඇතැම් කාන්තාවන් විවාහයට පෙර තම සහකරුවා සමග යෝනි මාර්ගයේ ලිංගික කටයුතු වල නොයෙදී දෙපාවල කලවා අතර ලිංගික කටයුතුවල යෙදෙති. මෙය අනාරක්‍ෂිත ලිංගික හැසිරීමකි. ඉන් ගැබ් ගැනීමක්‌ මෙන්ම ලිංගික රෝග බෝවීමේ අවදානමක්‌ද පවතී.

මෙවැනි කාන්තාවන්ගේ කන්‍යා පටලයට හානි සිදුවීමක්‌ නොවුනද ගැබ් ගැනීමක්‌ හෝ ලිංගික රෝගයක්‌ ඇතිවිය හැකි නිසා පිවිතුරු බව සම්බන්ධව ඇති සමාජයේ සම්මත ආකල්පය අභියෝගයට ලක්‌වේ.

Wednesday, May 21, 2014

යෝනි මාර්ගය ආශ්‍රිතව ඇති වන කැසීම

යෝනි මාර්ගය ආශ්‍රිතව ඇති වන කැසීම (Pruritus vulva) 


            මෙය සුලබව දැකිය හැකි රෝග තත්වයකිමෙහිදී යෝනි මර්ගයට පිටතින් ඇති සම කැසීමට ලක් වේ.බොහෝ කාන්තාවන්ට කලින් කලට මෙම තත්වයට මොහුණ දීමට සිදුවේනමුත් මෙය රෝග තත්වයක් ලෙස සැලකෙන්නේ කාල්යක් තිස්සේ දිගටම පවතින් කරදරකරී වූ විටය.  කසන ස්වභාවය රාත්‍රියේදී ඔබේ නින්දට බාධා වන තරමටම උග්‍ර විය හැකමෙය නෑම වයස් කාණ්ඩයක් කාන්තාවකට ඇතිවිය හැකප්‍රතිකාර ක්‍රම අදාල හේතුව ඉලක්ක කරගෙන කරනු ලබන අතරකැසීම අවම කිරීමට සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ද ඇත.


මෙම තත්වයට හේතු මොනවාද?



මේ සඳහා හේතු ගණනාවක් ඇතඑබැවින් වෙද්‍යවරයකු හමුවී නිවැරදිව රෝග නිශ්චය කර ප්‍රතිකාර ලබා ගත යුතුය.

 ·         ආසාදන තත්ව : 
      යෝනි මාර්ගය ආශ්‍රිත කැන්ඩිඩා දිලීර ආසාදනයල්ංගිකව සම්ප්‍රේෂණය වන රෝගපණු රෝග ආදිය


 ·         සමේ රෝග :
      යෝනි විවරය ආශ්‍රිත සමෙහි රෝග නිසාවිවිධ සබන් වර්ග භාවිතයසනීපාරක්ෂක තුවාඅධික දහඩිය ආදිය නිසා ආසාත්කතා ඇති වීම
 ·         නොදැනුවත්ව මුත්‍රා පහ වීම


 ·         ආර්තවාභාවය :
     මෙම කාලය තුල යෝනි මාර්ගය අසල සම වියලී තුනී වන බැවින් කසන ස්වහාවයක් ඇති වේ.

 ·         ගර්භනී සමය
 ·         මුලු ශරීරයම කැසීමට ලක්වන රෝග මෙම ප්‍රදේශයටද බලපෑ හැකඋදාඇතැම් බෙහෙත් වර්ග වල අතුරු ආබාධයක් ලෙසතයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝගරුධිරය ආශ්‍රිත රෝග

·         දියවැඩියාව

·         ඇතැම් අවස්ථා වල කිසිඳු හේතුවක් සොයා ගත නොහැක.


සංකූලතා

1.      කැසීම නිසා සම ආසාදනය වීම
2.      ලිංගික සම්බන්ධතාවය පිලිබඳව ඇතිවන ගැටලු

3.      මානසික ආතතිය


යෝනි මාර්ගය ආශ්‍රිත කැසීමට ප්‍රතිකාර -


1. මූලික හේතුවට ප්‍රතිකාර කිරීම

මෙම තත්වයට පාදක වන හේතුව මත ප්‍රතිකර ක්‍රම වෙනස් වේ. උදාහරණයක් ලෙසදිළීර ආසාදන වලට දිළීර නාශකබක්ටීරියා ආසාදන වලට ප්‍රතිජීවක ඔ ෂධසමේ රෝග තත්ව වලට ස්ටීරොයිඩ් ඔ ෂධආර්තවාභාවය නිසා ඇති වන තත්වයට ඊස්ට්‍රජන් ක්‍රීම් වර්ග භාවිතය ආදිය. මේ පිලිබ්ඳව ඔබේ වෙද්‍යවරය වැඩිදුර කරුණු පහදා දෙනු ඇත.

2.  මොයිස්චරයිසර් ක්‍රීම් වර්ග - මේ සඳහා විශේෂ මොයිස්චයිසර් ක්‍රීම් වර්ග ඇත.  මෙම ක්‍රීම් හොචින්       ආලේප කරලන්න. මෙම සංයෝග සබන් වශයෙන්ද භාවිත කල හැක.

3.  හැකි තරම් කැසීමෙන් වලකින්න. කසන හැම විටම තවත් කැසීමේ අවශ්‍යතවය ඇති වේ. එබැවින් මෙම චක්‍රය බිඳ හෙලිය යුතුය. ඊට අමතරව මෙමඟින් ආසාදනද පැතිරිය හැක. එනිසා නියපොතු කොටට කපා තබා ගන්න.

4. පහත පිලියම්ද ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

·         යට ඇඳුම් භාවිතය - කපු වලින් නිර්මානය වූ  ලිහිල් යට ඇඳුම්  හැකිතාක් භාවිතා කරන්න. නයිලෝන් හෝ කෘත්‍රිම රෙදි වලින් නිමවූ යට ඇඳුම් වලින් දහඩිය දැඳූම වැඩි වී රෝග තත්වය උග්‍ර විය හැක.දිනපතා යට ඇඳුම් මාරු කල යුතුය. සිරුරට තද වන යට ඇඬුම් අභාවිතයෙන් වලකින්න.




·         සේදීම - යෝනි ප්‍රදේශය දිනකට දෙවතාවක් පමණ සුමුදුව සෝදන්න. තදින් ඇතිල්ලීමෙන් හෝ සේදීමෙන් වලකින්න. වතුරෙන් පමණක් සෝදන්න. සුමුදු සබන් වර්ගයක් හෝ සුවඳ රහිත මොයිස්චරයිසර් වර්ගයක් මේ සඳහා භාවිතා කරන්න.
ඉන්පසු රෙදි කඩකින් යෝනි ප්‍රදේශය හොඳින් තේත මාත්තු කරන්න. එම ප්‍රදේශය තෙත්ව පැවතීම මෙම තත්වය උග්‍ර කරවයි.
ඔබ නාන විට කොන්ඩය සේදීම වෙනම කල හැකි නම් වඩා සුදුසුය එයට හේතුව කොන්ඩය සේදීමට භාවිතා කරන ෂැම්පූ හා කන්ඩිෂනර් වර්ග යෝනි ප්‍රදේශයේ සම සමග ගෑවෙන විට කැසීමේ තත්වය උග්‍ර විය හැක.


සාමාන්‍ය උපදෙස්

·         ඔසප් කාලයේදී භාවිතා කරන සනීපාරක්ෂක තුවා නිතර මාරු කරන්න. ඒව තෙත්ව පැවතීම මෙම තත්වය උග්‍ර කරනු ඇත.
·         කොන්ඩම් භාවිතයේදී ශුක්‍රාණු නාශක ජෙල් වර්ග ඒ සමග භාවිතයෙන් වලකින්න.
·         යෝනි ප්‍රදේශයේ රෝම ඉවත් කිරීමෙන් වැලකිය යුතුය.


කිසිම හේතුවක් හඳුනා ගත නොහැකි නම්.......

            බොහෝ අවස්ථා වල මෙම තත්වයට හේතුවක් හඳුනා ගත නොහැක. එවිට ඉහත සඳහන් සාමාන්‍ය උපදෙස් වෙද්‍යවරයා විසින් ඔබට දෙනු ඇත. ඒව පිලිපැදීම මඟින් ඔබට ඇති අපහසුකාරී ලක්ෂණ මග හැරීමට උපකාරී වනු ඇත.
ඳූට අමතරව වෙද්‍යවරයා ඔබට සැරින් අඩු ස්ටීරොයිඩ් ක්‍රීම් වර්ගයක් සතියකට පමණ නියම කරනු ඇත.  බොහෝ විට එමඟින් කැසීමේ තත්වය දින කිහිපයකින් අඩු වේ. නමුත් මෙම ක්‍රීම වර්ග නිතර නිතර භාවිතය සුදුසු නොවේ. එයට හේතුව දිගු කාලීනව භාවිතයේදී යෝනි ප්‍රදේශයේ සම තුනී වීමකට ලක් වීමයි. එවිට සම පැලී සුව කිරීමට අපහසු තුවාල බවට පත්වනු ඇත.
තවද ඇතැම් අයට ස්ටීරොයිඩ් ක්‍රීම් වර්ග භාවිතයෙන් මෙම තත්වය උග්‍ර විය හැක. එබැවින් මෙම තත්වයට ඔෂධ ප්‍රතිකාර අනිවාර්යයෙන්ම වෙද්‍ය උපදෙස් මත පමණක් ලබා ගත යුතුය.


මෙම තත්වය ඔබේ නින්දට බාධාවක් නම්...

            ඒ බව ඔබේ වෙද්‍යවරයාට දැනු ම් දෙන්න. එවිට ප්‍රතිහිස්ටැඳූන් ඔෂධයක් වෙද්‍යවරයා නියම කරනු ඇත. මෙමඟින් කැසීම එතරම් අඩු වන්නේ නැති නමුත් නිද්‍රා ගතියක් ඇති කරනු ඇත. ඔබට සුදුසු ප්‍රතිහිස්ටැඳූන් ඔෂධ වර්ගය වෙද්‍යවරයා තීරණය කරනු ඇත. 

විස්තර උපුටා ගනුලැබුවේ :-wedananasala.org

Monday, May 19, 2014

පියයුරු සෞක්‍ය පවත්වාගැනීමට වැදගත් කාරණා 12ක්


කාන්තා ඔබට බලපාන විශේස ගැටළුවකට විසඳුම්-(පෑන්ටි පිලිබඳ)



නයිලෝන් යට කලිසම් කොහෙත්ම සුදුසු නෑ අප වැඩිය කතා නොකරන මාතෘකාවක් වුවත් මේ ගැන කතා කරන්නට සිතුවෙ අද කාලේ නොයෙකුත් විලාසිතාවේ නොයෙකුත් මාදිලියේ් යට ඇඳුම් විශේෂයෙන්ම පෑන්ටි නිසා අද කාන්තාවන් මුහුණපාන ගැටලු දෙස බැලුවිටයි.


අප බොබෙහීවිට ඇඳුම් මිලදී ගන්නා විට එහි ලස්සන පෙනුම ගැන විලාසිතාව ගැන සිතනවා. නමුත් යට ඇඳුම් පෑන්ටි වැනි දෑ මිලදී ගන්නා විට එම තත්ත්වය වෙනස් විය යුතුයි. මෙහිදී එහි ලස්සනට වඩා වැදගත් වන්නේ එය සෞඛ්‍ය ආරක්ෂිතද යන්නයි. නමුත් අද වැඩි දෙනෙක් පෑන්ටි මිලදී ගන්නා විට එහි සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන සිතන්නේ නෑ. වැඩියෙන්ම ඔවුන්ගේ ඇස ගැටෙන්නේ එහි ලස්සන නිමාවටයි. විවිධ ආකාරයෙන් අලංකාර කර ඇති විවිධ නයිලෝන් රේන්ද ලේස් ආදියෙන් හැඩකර ඇති එමෙන්ම විවිධ වු නයිලෝන් රෙදි සිල්ක් රෙදිවලින් නිමකර තිබෙන යට කලිසම් අද වෙළෙඳ පොලේ බහුලයි.
මේවාට යොදාගෙන ඇති ඇතැම් රෙදි වර්ග බොහෝවිට සමට ආසාත්මිකතා දක්වන අතර මේ නිසා ඉකිළි ආශි‍්‍රතව ඇතිවන කැසීම් නිසා තුවාල පවා ඇතිවෙයි.
එමෙන්ම එවන් යට ඇඳුම්වල ආසාත්මිකතා හේතුවෙන් ඇතිවන තුවාල ආදියෙන් ඇතුළුවන විසබීජ විවිධ ආසාදන තත්ත්වයන්ට මුලික වෙයි. නයිලෝන් යට කලිසම් දහදිය උරාගැනීමේ හැකියාවෙන් තොර නිසා බොහෝවිට දහදිය සමඟ ගැටිමෙන් කැසීම් බිබිලි දැමිම් වැනි දෑ සිදුවෙයි.
එමනිසා මෙහිදී වෛද්‍යවරුන් පවා බොහෝවිට උපදෙස් දෙනු ලබන්නේ සෞඛ්‍ය ආරක්ෂිත බවක් නැති මෙවැනි පෑන්ටි ඇදීමෙන් වළකින ලෙසයි. නමුත් මේවා මිලදී ගන්නා විට වැඩිදෙනෙක් එය නොතකා කටයුතුª කරයි.
ඇතැම් යට කලිසම්වල ඝන වාටි යොදා ඇති අතර තදට ඉලාස්ටික් යොදා ඇති ඒවාද දැකිය හැකියි. මේවාද බොහෝවිට අසාත්මිකතා ඇතිවීමට හේතුවකි. මෙවැනි පෑන්ටි තදට ඇදීමෙන් ඉකිළි කැපීම ආදී විවිධ අපහසුතා ඇතිවේ.
විශේෂයෙන්ම යටකලිසම් තෝරාගන්නා විට එය කොතෙක් දුරට සිරුරට පහසුද සිරුරට හිතකරද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි. 
වඩාත් සුදුසු වන්නේ කපු රෙද්දෙන් නිම වු යටකලිසම්ය. කපු රෙද්දට පහසුවෙන් දහදිය උරා ගනියි. එය සමට අහිතකර නොවන අතර සිරුරට සුව පහසුව ගෙන එයි. බොහෝවිට යටකලිසම් වැනි දැ මිලදී ගන්නවාට වඩා කපු රෙද්දෙන් ගෙදරදීම තමන්ට නිමවා ගත හැකි නම් එය වඩාත් ආරක්ෂිත වෙයි. විශේෂයෙන්ම කුඩා දරුවන්ට තෝරා ගන්නා යට කලිසම් ගැනද අවධානය යොමු වීම වැදගත්.
සාප්පුවල ඇති පෑන්ටි මිලදී ගත්විට ඒවා භාවිතයට පෙර සෝදා තද අව්වේ දමා වියළා ගන්න. නැත්නම් විසබීජ නාශක දියරයක බහා සෝදා වියළා ගන්න. හේතුව මෙය බොහෝවිට සාප්පුවල අසුරා කිබියදී දූවිලි වැදීම අතින් ඇල්ලීම ආදිය නිසා එහි විසබීජ රැදී තිබිය හැකි නිසයි.
ඒවා පිරිසුදු නොකර ඇඳීමෙන් විවිධ ආසාදන තත්ත්වයන් ඇතිවිය හැකියි. නමුත් සමහරුන් එවන් දේ මිලයට ගෙනා අලුතම නොසෝදා නිසිලෙස පිරිසුදු නොකොට පාවිච්චි කිරීමට පෙළඹෙති. මෙය තමන් විසින්ම විසබීජ ළඟාකර ගැනිමකි.
බොහෝවිට කාන්තාවන්ට මුත්‍රා ආසාදන සහ රහස් ප්‍රදේශශයේ විවිධ ආසාදන තත්ත්වයන් ඇතිවීමට බලපාන්නේ ඒ ආශ්‍රිතව අඳින ඇගළුම්වල අපිරිසුදුකමයි. මෙම අපිරිසුදුතාවට බොහෝවිට හේතුව යට ඇඳුම්වල විසබීජ පැවතීමයි.
මේ නිසා යට කලිසම් නොහොත් පෑන්ටි භාවිතයේදි එහි පිරිසුදුකම ගැන වැඩි අවධානයක් යොමුකළ යුතු අතර දිනපතාම පාහේ යට කලිසම් සෝදා පිරිසුදුව පරිහරණය කිරීමට සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙයි. යට කලිසමක ලස්සනට වඩා වැදගත් වන්නේ එහි සෞඛ්‍ය ආරක්ෂිත බවයි.

කරුණු උපුටා ගනුලැබුවේ තරුණී පුවත්පතෙනි
 

Sample text

Sample Text

Sample Text